ඔහු රජයේ සේවකයා කිව්වම කවුද නොදන්නේ

Oct 16th, 2013 | By | Category: OTHER NEWS, යාන් හෑලි

බෙලාරූස් වැසියෙකු දිනක් මහමග බසයක් එන තෙක් නැවතී සිටින විට පාරෙන් අනිත් පස දෙදෙනෙකු යම් කටයුත්තක් කරමින් සිටිනු දුටුවේය. අපේ රටේ මෙන් නොව එරටේ නිතරම බස් එන්නේ නැති නිසා අහළ පහළ වෙන බලන්නට දෙයක්ද නැති නිසා මේ පුද්ගලයාගේ වැඩි අවධානයක් ක්‍රම ක්‍රමයෙන් ඉදිරිපස වැඩ කරමින් සිටි දෙදෙනා වෙත යොමුවිය. එහිදී ඔහු දුටුවේ පුදුම සහගත දෙයකි.

එක් පුද්ගලයෙකු පාර අයිනේ පොඩි වළක් කැපූ අතර අනිත් පුද්ගලයා එම වළ පස් පුරවා වසා දමන ලදී. ඉන්පසුව ඔහු තවත් වළක් කැපූ අතර අනිත් පුද්ගලයා එය වසා දමන ලදී. තව ටිකක් රබර් ඇහැ දමා මෙය පරික්ෂා කර බැලූ අප අමුත්තාට වටහා ගත හැකි වූයේ පාර දිගටම දවස පුරාම මොවුන් කර ඇත්තේ මේ කටයුත්ත බවයි.

දැන් ගමන පසෙක දැමූ අප අමුත්තා පාරෙන් අනිත් පැත්තට පැන මේ වැඩකරුවන් දෙදෙනාට කිට්ටු විය. “පොඩ්ඩක් ඉන්න… ඔය ගොල්ලෝ මොකක්ද ඔය කරන වැඩේ…”

වැඩකරුවන් දෙදෙනා – “අපි රජයේ සේවකයෝ… අපි අපේ රාජකාරිය කරනවා…”

මෙහිදී අප අමුත්තාගේ දේශප්‍රේමය සහ රට ජාතිය ගැන හැඟීම ඉහ වහා ගියේය. “ඔය දෙන්න කිසි තේරුමක් නැති වැඩක්නේ කරන්නේ. එක්කෙනෙක් වළක් හාරගෙන යනවා, අනිත් එක්කෙනා වළ පුරවගෙන යනවා. ඔයගොල්ලෝ රජයේ සේවකයෝ නම් මේ කරන වැඩේ ඉතාම වැරදියි රජය වියදම් කරන්නේ අපේ බදු මුදල්. ඒවා මේ වගේ කිසිම තේරුමක් නැති වැඩකට වියදම් කරන එක අන්තිම වැරදියි…”

වැඩකරුවන්ගෙන් එක්කෙනෙක් – “මේ මහත්තයා මඟුලක් කතා කරන්න එපා… අපිට වුණ දේ මහත්තයා දන්නේ නෑනේ අපි ආණ්ඩුවේ ‛අපි හැදෙමු – පැළ හදමු’ ප්‍රොජෙක්ට් එකේ අපි තුන්දෙනෙක් වැඩ කරා මම වළවල් කපනවා. අනිත් එක්කෙනා පැළ හිටවනවා. තුන්වෙනි එක්කෙනා ඇවිල්ලා වළ වහනවා. ඒ කාලේ වැඩේ හරියට ගියා. ඒත් ආණ්ඩුවට සල්ලි නෑ කියලා අපේ අර මැද හිටපු පැළ හිටවන කෙනා අයින් කරලා දැම්ම දවසේ ඉඳන් අපිට වැඩේ කරන්න වෙලා තියෙන්න මෙහෙම තමයි…”∎

digging

Recent Posts

Tags: , , , ,

Leave a Comment