යුද ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රිකට් පාවාදීම

Feb 18th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

යුද ජයග්‍රහණය වෙනුවෙන් ගෙවන වන්දියක් ලෙස ලංකාවට අයත් මත්ස්‍ය සම්පත සමග මහ මුහුද ඉන්දියාවට ලබාදීමට සිදුවූ බව පසුගියදා හලාවතදී පැවැති ධීවර-ගොවි උද්ඝෝෂණයේදී අවධාරණය විය. මේ ආකාරයටම ලංකාවට අතිශ්‍ය අවාසි සහගත තත්ත්වයක් ජාත්‍යන්තර කිකට් පාලක මණ්ඩලයේ නව සංශෝධන යෝජනාවලින් සිදුවේ. මේ නව සංශෝධනවල වාසිය ලැබෙන්නේ ඉන්දියාවල එංගලන්තය, ඔස්ට්‍රේලියාව යන රටවලට යන්න ඉතා පැහැදිලිය. ලංකාව තුළදී මේ සංශෝධනවලට විරුද්ධව ක්‍රියාත්මක වන බවට පෙන්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළධාරීන් සහ දේශපාලන නායකත්වය අවසානයේ ඡන්දය දිනයේදී කළේ විරුද්ධ වීම නොව ඡන්දය දීමෙන් වැලකී සිටීමයි. මේ පිළිබද සංවාදයට ඊයේ රාත්‍රියේ සිරස රූපවාහිනියට පැමිණි ක්‍රිඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රකාශ කර සිටියේ වෙන මොනවා කරන්නද ? යනුවෙනි.

මේ අනුව නව සංශෝධන බලාත්මක වනවා පමණක් නොව වසර දෙකකට එහි සභාපතිවරයා වන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නාරයනස්වාමි සිරිනිවාසන්ය. අළුත්ගමගේ මහතා විසින් වෙන මොනවා කරන්නද යනුවෙන් ප්‍රකාශ කරන්නේ ඉන්දියාව එරෙහිවීමට නොහැකි වීම මිස අන්කිසිවක් නොවේ. ඉන්දියාව ඉදිරියේ මේ තරම් යටහත් පහත්ව කටයුතු කිරීමට ලංකාවට සිදුවී ඇත්තේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබුන සහය වෙනුවෙන් බව යළි පැවසිය යුතු නොවේ. ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඇත්තේ ක්‍රිකට් ක්‍රිඩාවත් පාවාදුන් පසු තවත් අපට පාවාදීමට දෑ ඉතිරිව තිබේද යන්නයි ?

cric

Recent Posts

Tags: , , , ,

Leave a Comment