දේවතාවිය යැදීම : ශ‍්‍රී ලංකාව තුල පත්තිනි-කන්නකී ඇදහීම

Feb 19th, 2014 | By | Category: FICTION, OTHER NEWS, පුවත්

කන්නකී-පත්තිනි ඇදහිල්ල, ශ‍්‍රී ලංකාව තුල හින්දු බෞද්ධ සංකලනය පිලිබද සිත් කාවදින සුලූ‍ උදාහරණයකි. දෙමළ හින්දූන් ඈ කන්නකී ලෙස දන්නා අතර සිංහල බෞද්ධයන් ඈ දන්නේ පත්තිනි නමිනි.

අප කුඩා දිවයිනේ ප‍්‍රධාන ජනවාර්ගික ප‍්‍රජාවන් දෙක ම විසින් මේ දේවතාවිය අදහනු ලැබීම සැලකිය යුතු ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් විසින් නොදැන සිටීම සමහර විට එකී ප‍්‍රජාවන් එකිනෙකාගෙන් දුරස්ථ වී ඇති තරමේ පිලිබිඹුවක් විය හැකි අතර ඒ පිලිබඳ තමන්ගේ වාර්තාගත කිරීම් ඇතුලත් ප‍්‍රදර්ශනයක් හා වෙබ් අඩවියක් ඡායාරූප ශිල්පිණී ශානි ජයවර්ධන සහ සමාජීය මානව විද්‍යාඥ මාලතී ද අල්විස් විසින් එළි දක්වනු ලබයි.

ප‍්‍රදර්ශනය පෙබරවාරි 22 හා 23 යන දිනයන්හි කොළඹ ලයනල් වෙන්ඞ්ට් කේන්ද්‍රයේ හැරලඞ් පීරිස් කලාගාරයේ පැවැත්වේ. අනතුරුව එය යාපනය සහ මඩකලපුව වෙත ද, ඇරයුම් ලැබෙන පරිදි අනෙකුත් ප‍්‍රදේශ කරා ද ගෙන යනු ඇති අතර මෙම වසරේ පසු භාගයේදී දිල්ලියේ සහ නිව්යෝර්ක් හි එය පැවැත්වෙනු ඇත.

gp

Recent Posts

Tags: , ,

Leave a Comment