නරක මිනිසුන් එකතු කරගෙන හොද වැඩක් කිරීම…

Feb 20th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

දෛනික ජීවිතය කියන්නේ අපායක් වගේ කටුක තැනක් වුන රටක, දවසට වේල් දෙකක්වත් කන්නට විදිහක් නැති රටක, අගමැතිවරු කුඩු විකුණන රටක, ප්‍රාදේශීය සභාවල සභාපතිලා පොඩි ළමයි දූෂණය කරන සහ විදේශිකයන් ඝාතනය කරන රටක, අගවිනිසුරුවරියන් බලහත්කාරයෙන් ගෙදර යවන රටක, ඇමතිලා නිලියන් සමග ප්‍රසිද්ධියේ සහවාසයෙන් ඉන්න රටක, බොන්නට වතුර ඉල්ලන මිනිස්සුන්ට වෙඩ් තියන රටක, ධීවරයන්ව මරා දමන රටක, වකුගඩු රෝගීන්ට බෙහෙත් නැතිව මිය යන්න වෙලා තියෙන රටක, දවල්ට විදුලිය විසන්ධි කරලා රෑට නයිට් රේස් පදින රටක තව දුරටත් මිනිස් ජීවිතයට අර්ථයක් තියෙනවද කියන එක ගැන හිතන්න ගියොත් මිනිස්සුන්ට මොනවා වෙයිද? එක්කෝ පවතින ක්‍රමය වෙනස් කරන්න සියළුම දේවල් අතහැරලා පාරට බහින්න වෙනව. එහෙම නැත්තම් ඇත්ත ප්‍රශ්ණය අමතක කරන්න වෙනත් ව්‍යාජ ප්‍රශ්නයක් එක්ක පැටලි පැටලි ඉන්න පුලුවන්. ඒ අනුව තමයි ගොඩක් අය හරක් මරන එකට විරුද්ධව පාරට බහින්නේ. සිගරට් පැකට්වල රූපමය අවවාද ඇතුලත් කරන්න පාර්ලිමේන්තුව ඒකමතිකව කැමති වෙන්නේ.

**********

ලංකාවේ හරක් මරන එක තහනම් කළ වහාම ලෝකයේ සියළු හරකුන්ට අභය දානය ලැබෙනු ඇතැයි සිතා තමන්ටම ගිණි තියා ගන්න මෝඩ ස්වපීඩාකාමීන් චීවරධාරීන් නොදන්නේ ලංකාවේ හරක් මරන එක තහනම් කළ වහාම බ්‍රසීලයෙන් හරක් මස් ආයනයනය කර රටපුරා බෙදා හරින්නට ආණ්ඩුව දැනටමත් සැළසුම් කරන අවසන් බවයි. එතකොට හරක් මරණ එක ආත්මීය ප්‍රශ්ණයක් කර ගත්ත අයට ලංකාවේ හරක් වෙනුවට බ්‍රසීලයේ හරක් මරන එක ගැටළුවක් නෙමෙයිද?

**********

දැන් සිගරට් එකක ගාන රුපියල් 28 යි. ඉතිං සාමාන්‍යෙයන් මිනිහෙක්ට දවසකට තමන්ගේ ආදායමත් එක්ක බැලුවහම බොන්න පුලුවන් උපරිම සිගරට් 3යි. ඉතිං කවුද සිගරට් පැකට් ගන්නේ. අන්තිමට මේ රූප දිහා බලා ඉන්න වෙන්නේ කඩවල මුදලාලිලාගේ ළමයින්ට තමයි සෙල්ලම් කරන කොට. එහෙම නැත්තම් කුණු ගොඩවල ඉන්න පණුවන්නට තමය් මේවා බලන්න වෙන්නේ.

*************

 හොද  මිනිස්සුන්ට හදන්න පුලුවන් සුභසාධන හෝ අනෝන්‍යාධාර සමිතියක්. නරක මිනිස්සු එකතු වෙලා කරන හොද වැඩකට තමයි සමාජ විප්ලවයක් කියන්නේ. අපි නම් වඩාත් කැමති නරක මිනිස්සු එක්ක එකතු වෙලා හොද වැඩ කරන්නයි. ඒත් මේ කාලේ සිද්ධ වෙන්නෙම හොද මිනිස්සු එකතු වෙලා සමාජයට කැත වැඩ කරන එකයි. එහෙම නැත්තම් අනුර දිසානායක සහෝදරයා මේ දවස් වල කියන කතා ඇත්තටම මිනිස්සුන්ට තේරෙනවා නම් අනිවාර්යෙන්ම එයාට ජනාධිපති වෙන්න පුලුවන්. ඒත් එහෙම නොවන බව අපි හැමෝම දන්නවා. ඒ නරුමවාදය අපේ භාවිතාව නිසයි. මේ යුගයේ විප්ලවාදී දේශපාලනය කියන්නේ අඩුපහඩු සහිත නරක මිනිස්සු එකතු වෙලා ධනවාදය නම් නරක සමාජ ක්‍රමය පෙරලන්න කරන හොද අරගලයකටයි.

සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න

උපුටා ගැන ත්‍රිමාන වෙබ් අඩවියෙනි.

www.3mana.com

and

Recent Posts

Tags: , , , , ,

Leave a Comment