Posts Tagged ‘ උපුල් කුමාරප්පෙරුම ’

සිදුවන්නට යන විනාශයට වගකිව යුත්තේ කවුරුන්ද?

Mar 23rd, 2013 | By
mah

[උපුල් කුමරප්පෙරුම ] වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ බලයට පත් ආණ්ඩු අතර බලවත්ම ආණ්ඩුව යැයි කිව හැකිය. එසේ කියන්නට හැකි වන්නේ මේ ආණ්ඩුව තුළ ලංකාවේ අති බහුතරයක දේශපාලන පක්ෂ නියෝජනය වන ආකාරයේ පාර්ලිමේන්තු නියෝජනයක් තිබීමය. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය කොටස්, ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය කොටස්, එල්.ටී.ටී.ඊ යෙන් කැඩී ගිය කොටස් සේම ලංකාවේ වර්ගික-ආගමික පදනම

[continue reading…]



රොබට්සන් වාර්තාව සහ ලංකාවට ඇති අභියෝග.

Mar 16th, 2013 | By
gr

[උපුල් කුමරප්පෙරුම] හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝශාභියෝග ක්‍රියාවලිය සමිබන්ධයෙන් එංගලන්තය සහ වේල්සයේ නීතීඥ මානව හිමිකමි කමිටුව (Bar Human Rights Committee of England and Wales) වෙනුවෙන් රැජිණගේ නීතීඥ ජෙෆ්රි රොබට්සන් වාර්තාවක් පිළියෙල කළේය. මෙම වාර්තාව දෝශාභියෝගය සමිබන්ධයෙන් විවිධ පැති ගණනාවක අධ්‍යයනයක් වන අතර එකී වාර්තාවේ නිර්දේශයන් සහ එම නිර්දේශයන්ට පැමිණීමට හේතුපාදක වූ තත්ත්වයන් මගින් රටට ජාත්‍යන්තරව බලපෑමක් එල්ල

[continue reading…]



බබුන්ගේ සිලිඳුගේ සහ අපේ මානව හිමිකම්.

Mar 9th, 2013 | By
r56

[උපුල් කුමරප්පෙරුම] බැද්දේගමට එන ප්‍රනාන්දු මුදලාලි ධනපතියෙකි. වෙළද ධනවාදයක් (Merchant Capital ) රැගෙන ඔහු ගමට පැමිණේ. බැද්දේගමදී ඔහුගේ සගයා වන්නේ ගමේ සුලු ධනපතියකු සහ ඉංග්‍රිසී ආණ්ඩුවේ ගමෙහි නියෝජිතයා වන ආරච්චිලය. පුංචි මැණිකා සමඟ යහන්ගත වීමේ ප්‍රනාන්දු මුදලාලීගේ ආශාව ඉටු කිරීමට මූලිකත්වය ගනු ලබන්නේ ආරච්චිලය. ආරච්චිල පුංචි මැණිකාගේ සැමියා වන බබුන්ට, පුංචි මැණිකා මුදලාලිට භාර දෙන

[continue reading…]



මුස්ලිම් විරෝධය සහ Night of the Broken Glass

Mar 2nd, 2013 | By
mus

[උපුල් කුමාරප්පෙරුම] රටේ ඇතිවී ඇති මුස්ලිම් විරෝධී රැල්ල විවිධ සටන් පාඨයන් ඔස්සේ ක්‍රියාත්මක වේ. සමහරෙක් එය හලාල් සහතිකයට විරුද්ධව ගෙනයන සටනක් ලෙස ප්‍රකාශ කරයි. තව කෙනෙක් මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව රටේ ව්‍යාපාර අත්පත් කරගෙන ඇති බවට ප්‍රකාශ කරයි. තව කෙනෙක් මුස්ලිම් ව්‍යාපාරිකයන් සිංහල ජාතිය වඳ කිරීමේ ව්‍යාපාරයක් දියත්කර ඇති බවත්, මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයන්හි තබා ඇති රස

[continue reading…]



බලයන් ආහාරයට ගෙන රට ගොඩ නැගීම

Feb 23rd, 2013 | By
rt5

[උපුල් කුමාරප්පෙරුම] බල මාලු ආහාරයට ගැනීම නිසා ජපන්නුන්ගේ බුද්ධිය වර්ධනය වී ඇති බවත් යුද්ධයේ විනාශයෙන් පසුව ජපන්නුන්ගේ දියුණුවේ රහස ඔවුන් බල මාලු ආහාරයට ගැනීමෙන් ඇතිවූ ඥාණ වර්ධනය සහ අධ්‍යාපනය බව පසුගියදා විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රකාශ කළේය. එසේම ඔහු උෂ්නාධික වුවත් බල මාලු ආහාරයට ගෙන බුද්ධිය වර්ධනය කරගන්නා ලෙසට ලාංකික සමාජයෙන්ද ඉල්ලීමක් කළේය. ජපානය දෙවන ලෝක

[continue reading…]



පොල් සොරකමේ සමාජ වගකීම

Feb 16th, 2013 | By
456

[උපුල් කුමාරප්පෙරුම] මීටර් සියය කෙටි කතාවේ මුදලිහාමි උල් සපත්තුකාරයා සමඟ හරි හරියට දිව්වේය. ඔහුට උල් සපත්තුකාරයා සමඟ දුවන්නට ආත්ම ශක්තියක් ධෛර්යයක් තිබුණේය. ඔහු උල් සපත්තුකාරයාට බිය වූයේ නැත. උල් සපත්තුකාරයා ඉහළ පාසලක, ඉහළ පුහුණුවක් ඇති දරුවකු නිසා කෙසේ හෝ උල් සපත්තුකාරයා පරදා ජයග්‍රහණය කළ යුතුය යන්න මුදලිහාමිගේ අධිෂ්ඨානය වූයේය. ඒ අධිෂ්ඨානයෙන් ඔහු උල් සපත්තුකාරයා පැරදවූයේය.

[continue reading…]



නැත ලොවේ අන් රසඳුනා -ඇමතිකම සේ සුවදෙනා

Feb 9th, 2013 | By
admin-ajax

[උපුල් කුමාරප්පෙරුම] ඇෆ්ඝනිස්ථානය අවුරුදු විසි තුනක් යුද්ධ කල රටකි. අවුරුදු දහයක් එරට සෝවියට් රුසියාව සමඟ යුද්ධ කළේය. ඉතිරි කාලය ඇෆ්ඝන් වැසියා එරට තුළ ඇති වූ සිවිල් යද්ධය සමඟ සටන් කළේය. රට මූලධර්මවාදයට යට වූයේය. ජීවිත දේපල දහස් ගණනක් විනාශ වූහ. දෙදහස් දෙක වර්ෂයේදී ඇමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා විසින් මූලධර්මවාදී පාලනයෙන් ඇෆ්ගනිස්ථානය නිදහස් කර ගත්හ. ඉන්

[continue reading…]



හරයාත්මක සංවර්ධනය සහ දේශපාලනයේ විෂම චක්‍රය

Feb 2nd, 2013 | By
llr5

[උපුල් කුමරප්පෙරුම] සංවර්ධිත රටවල අති බහුතර ජනතාවකට ඔවුන්ගේ රටේ දේශපාලනය ගැන අනවශ්‍ය උනන්දුවක් හෝ හැඟීමක් නැත. මෙි බව බොහෝ සංවර්ධිත රටවල මැතිවරණවලදී පැහැදිලිව පෙනෙන කරුණකි. මෙයින් අදහස් කරන්නේ එම ජනතාව දේශපාලනය නොදන්නා මෝඩයන් කොටසක් නොව එම ජනතාව දේශපාලනය මගින් විශේෂ යමක් අපේක්ෂා නොකිරීමයි. එසේම දේශපාලන ක්‍රමවේදයකින් පෞද්ගලිකව ඔවුන්ගේ ජීවිත පැවැත්මට තර්ජනයක් කළ නොහැකි බව එම

[continue reading…]



විජාතික කුමන්ත්‍රණය පරදවන්නේ මෙහෙමයි

Jan 26th, 2013 | By
sr5

[උපුල් කුමරප්පෙරුම] අද රටේම ඇති ප්‍රධාන අභියෝගය ජාත්‍යන්තර ප්‍රජාව රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම යයි ආණ්ඩුව කියයි. ආණ්ඩුව කියන්නේ රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කිරීමේ කාර්යයට මේ රටේ කොටසක්ද සම්බන්ධ බවයි. ජාත්‍යන්තර ප්‍රජාව රට දිහා බලාගෙන ඉන්නේ ඇයිදැයි යන්න සොයා බැලීම වැදගත් වේ. අතීතයේ පටන් ජාත්‍යන්තරය අපගේ කටයුතු වලට මැදිහත් වුයේය. නිදහසෙන් පසු අප විවිධ ජාත්‍යන්තර සංවිධාන වල

[continue reading…]



අපේ එකා ශේප් කිරීම සහ අපේ නොවන එකා දංගෙඩියට යැවීම.

Dec 22nd, 2012 | By
lw1

පසුගිය කාලයේදී මේ රටේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශ දෙකක් කළේය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවන්හල විවෘත කළ දා ඔහු තරාතිරම නොබලා වැරදි කලවුනට දඬුවම් ලබා දෙන බවට ප්‍රකාශ කළ අතර ඉන් පසුව වරලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ නව මූලස්ථානය විවෘත කළ දා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයා ඔවුන්ගේ හිතවතෙකු වූ බැවින් ගනුදෙනුව යථාතත්වයට පත්කොට ඔහුව ශේප් කරන්නට උපදෙස්

[continue reading…]