Posts Tagged ‘ සමබිම පුවත්පත 42 ’

මාධ්‍ය නිදහස ගැන හඬන ඊනියා ආරක්ෂකයෝ

Mar 3rd, 2014 | By
dr3

ජනමාධ්‍යවේදීන්ගේ සුරක්ෂාව සම්බන්ධයෙන් මේ රටේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන තරම් වද වෙන අන් කිසිවකුත් නැත. එහෙත් ප්‍රශ්නය නම් දේශපාලන පක්ෂවලට මේ කැක්කුම එන්නේ විපක්ෂයේ සිටින විට පමණක් වීමය. අනෙක් අතට මේ කැක්කුමේ නොයෙක් ස්වරූප තිබේ. ඔවුන් බොහෝවිට ජනමාධ්‍ය නිදහස අර්ථකථනය කරගන්නේ තමන්ගේම වාසියටය. ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කෙරෙන ප්‍රශ්න කිරීම් විමසා බලද්දී එය

[continue reading…]



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික අයිතීන් හා වැසිකිළි කඩදාසි

Feb 27th, 2014 | By
tt2

2013 දෙසැම්බර් මස 17 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතළිස් දෙනෙක් පංති තහනමකට ලක් වූහ. පන්ති තහනම සඳහා බලපෑ ‛වරද’ වූයේ මෙම සිසුන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමයි. පළමු වසර සිසුන් සරසවියට පැමිණ මාස හතක් ගතව තිබියදීත් මහපොළ දීමනාව ලබාදීම සිදුවී නොතිබීම සහ වෙනත් සුබසාධන ප්‍රශ්න සමූහයක් මත මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුණි. ඊට

[continue reading…]



වර්ගවාදයෙන් ආගම්වාදයට…?

Feb 25th, 2014 | By
srs

පසුගිය දිනක හික්කඩුව නගරයේ තිබූ ආගමික මධ්‍යස්ථාන දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වූ භික්ෂූන් සහ බෞද්ධ කොඩි රැගෙන පැමිණි කලහකාරී ගිහියන් පිරිසක් එහි සිටි ඇතැම් පුද්ගලයන්ට මරණ තර්ජනය කරමින් හා ගල් මුල්වලින් පහරදී ආගමික මධ්‍යස්ථානයට ද එහි තිබූ ආගමික පොත්පත්වලට ද හානි කළ බව වාර්තා විය. මෙය මෙවන් සිදුවීම්වල මුල් අවස්ථාව නොවීය. දිවයිනේ විවිධ අවස්ථාවල විවිධ ආගමික

[continue reading…]



ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති

Feb 25th, 2014 | By
dr2211

හර්ෂ ගුණසේන රාජ්‍ය අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රසිද්ධ කතාවකදී අයවැය පිළිබඳ වූ විවේචනයන්ට පිළිතුරු දෙමින් රජයේ ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂණවාදී නොවන බව ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කිරීමට හේතුවූයේ මෙම අයවැය මගින් ඇතැම් ආනයනික භාණ්ඩ මෙරටෙහිම නිපදවා ගැනීමට අනුබල දීමක් වශයෙන් එම භාණ්ඩ කෙරෙහි වන ආනයනික බදු වැඩිකිරීම

[continue reading…]



රීට් ආඥා

Feb 17th, 2014 | By
rit

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ පිළිගත් මූලධර්මය අනුව රාජ්‍යයක් යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නිර්මාණයක් වන අතර ඒ අනුව රාජ්‍ය යන්න ප්‍රජාතන්ත්‍රවාදී අර්ථ ගැන්වීම අනුව විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලිකාංග තුනකින් සමන්විත වේ. එම රාජ්‍යයේ රාජ්‍ය අංශය විධායකයේ කොටසක් වන බැවින් එම රාජ්‍ය සේවකයන්ට සිය බලතල ලැබෙනුයේ නිරන්තරයෙන්ම යම් විධිමත් නීතිමය රාමුවකට යටත්වය. කෙසේ වෙතත් බොහෝ රාජ්‍ය

[continue reading…]



රට බල්ලට ගිය තැනින් වැඩ පටන් ගැනීම

Feb 17th, 2014 | By
dods

වේයන්ගොඩ ගුවන් පාලම විවෘත කිරීම සඳහා පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය කතාව පවත්වමින් ප්‍රශ්න කිහිපයක් අසන ලදී. ආණ්ඩුව යුද්ධයෙන් දිනපු නිසා නේද දැන් මාස හයෙන් හයට ජිනීවා ගිහින් මානව හිමිකම් ගැන උත්තර දෙන්න සිද්ධවෙලා තියෙන්නේ? යුද්ධය තියෙන කාලයේ ඔය කවුරුත් මානව හිමිකම් ගැන කතා කළේ නැහැ නේද?  ආණ්ඩුව කුඩු අල්ලපු නිසා නේද රට කුඩු කේන්ද්‍රස්ථානය

[continue reading…]



දැන් කොහොමද? හොඳද?

Feb 12th, 2014 | By
e2

[සාමිනාදන් විමල් ] යාපනයට පැමිණෙන දකුණෙහි වැසියෙකු ඔහු හෝ ඇය කුමන සමාජ කොටසක් නියෝජනය කෙරෙන අයෙකු වුවද අනිවාර්යයෙන්ම අසන පැනයක් ඇත. එය නම් “දැන් කොහොමද? හොඳද?” යන්නයි. උතුරෙහි වැසියෙකුට මෙම සරල පැනය ඇති කරන්නේ සංකීර්ණ මානසික ස්වභාවයකි. එයට හේතුව එය ඔහුට හෝ ඇයට අනුව ඔහුගේ හෝ ඇයගේ අතීතය පිළිබඳ අසන පැනයකට වඩා අනාගත අපේක්‍ෂාව පිළිබඳ

[continue reading…]



තෙවැනි මාවතක් අගදී හමුවන්නේ කුමක්ද?

Feb 12th, 2014 | By
fr33333

[දීප්ති කුමාර ගුණරත්න] හැඳින්වීම – ‛පවතින තත්ත්වය’ වෙනස් කිරීමට උත්සාහ කරන විට අපට මුණ ගැහෙන දෘශ්‍යමානය (සංකේත ප්‍රබන්ධය) අපට යළි ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි වටහා ගැනීම එතරම් සරල නැත. මේ නිසාම යථාර්ථය වෙනස් කිරීමේ අරගලයේදී අපට හමු වන්නේ රතු පලස් එලන ලද මාවතක් නොව මුලාකිරීම් බහුල වංකගිරියකි. එබැවින් යථාර්ථය වෙනස් කිරීමට ක්‍රියා කිරීමට පෙර යථාර්ථය අප

[continue reading…]



පළාත් සභා ඡන්දයක් තියා ජිනීවා ජයගත නොහැක

Feb 8th, 2014 | By
dege

ටයිලර් ඩිබර්ට් දශක ගණනාවක් පුරා දිග්ගැස්සුණු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය 2009 වසරේ අවසානයකට පැමිණියේය. එහෙත් යුද්ධයේ අවසානය අසල බොහෝ දෙනා උදක්ම බලාපොරොත්තු වූ සාමයේ ආරම්භය නොතිබුණි. තත්ත්වය එසේ තිබියදීත් යුද්ධයෙන් බිඳ වැටුණු ගොඩනැගිලි සහ මංමාවත් ප්‍රතිසංස්කරණය කිරීමත් සංවර්ධන ක්‍රියාකාරකම් දියත් කිරීමත් යන ක්‍රියාවලීන් සමඟම ඒකාධිපතීත්වය, ජනවාර්ගික අසහනය මෙන්ම බහුතර විසින් සිය ජයග්‍රහණ පිළිබඳ උදම්ව කරන

[continue reading…]



එතකොට මේක ඇමෙරිකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද?

Feb 5th, 2014 | By
dd

ඉන්දීය තානාපති නිලධාරිනියක් ඇමරිකාවේදී අත්අඩංගුවට ගැනීමත්, ඉන්පසුව නිරුවත් කර පරීක්ෂා කිරීමත් පිළිබඳ පුවතක් පසුගිය දිනවල පුවත් ලෝකයේ ආන්දෝලනාත්මක පුවතක් වශයෙන් පළවිය. මෙම සිද්ධියට සම්බන්ධ බව කියමින් පකිස්තානු වෙබ් අඩවි මගින් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ පටයක, ඇමරිකානු ආරක්ෂක අංශයැයි සැලකෙන පිරිසක් කාන්තාවක් පරීක්ෂා කරන ආකාරය දැක්විණි. මෙය කුමන පදනමකින්, කුමන අවශ්‍යතාවයක් මත සිදුවුවත්, එය නීතිය

[continue reading…]