Posts Tagged ‘ සමබිම 2013 පෙබරවාරි ’

කුකුළා දන්නවද දන්නෙ නෑ!

Mar 26th, 2013 | By
road

එක්තරා මනුෂ්‍යයෙකු සිතන්නේ තමා ධාන්‍ය බීජයක් (වී ඇටයක්) බවයි. මේ නිසා ඔහුගේ පවුලේ අය ඔහු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළහ. වෛද්‍යවරයා ඉතා වෙහෙස මහන්සි වී ඔහු වී ඇටයක් නොවන බවත් ඔහු මනුෂ්‍යයකු බවත් ඒත්තු ගන්වා ඔහුගේ මානසික රෝගය සුව කළහ. ඉන්පසුව ඔහුට මානසික රෝහලෙන් පිටත්ව ආපසු නිවස බලා යාමට අවස්ථාව ලැබිණි.  නමුත් පසුවදා උදෑසනම වෛද්‍යවරයා

[continue reading…]



ඇමරිකාව, යුරෝපය අපිට උදව් කරන්නේ love එකට නෙවෙයි

Mar 21st, 2013 | By
asylum_seekers-e1351821847226

ඇල්ල ගමේ කලබලය (අවසාන කොටස)  පසුගිය කාලය පුරා මාළු බෝට්ටුවල නැගී ඕස්ට්‍රේලියාවට, ඉතාලියට පනින්න ගිය බොහෝ දෙනෙකුගේ ඉරණම කෙළවර වුණේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ හරි නාවුරුවල හරි සරණාගත කඳවුරුවලින්. සමහරු කුඩා ළමා ළපටින් එක්කම සාගරය මැද තමන්ගේ ජීවිතවලින් පවා වන්දි ගෙව්වා. රටේ රැකියා විරහිතභාවය, අනාරක්‍ෂාව, නීතිය ඉදිරියේ යුක්තිය ඉටු නොවීම, අධිකරණයේ ස්වාධීනතාව ගිලිහී යාම, මානව හිමිකම්

[continue reading…]



වමේ පක්ෂ කැකුණ තැලීම සහ බණ්ඩාරනායක මඟුල් කෑම

Mar 16th, 2013 | By
br

1953 වර්ෂයේ මැද භාගය වන විට රටේ අයවැය කළමනාකරණය කිරීමට අපහසු තත්ත්වයකට පත්ව තිබිණි. එවකට මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මහතා ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය ලබා දී තිබූ සහන සහ ඇතැම් සුභසාධන ක්‍රියාමාර්ග අහෝසි කළේය. සහල් සේරුවක මිල ශත 25 සිට ශත 75 දක්වා වෙඩි උණ්ඩයක වේගයෙන් ඉහළ නැගිණි. මේ සමඟම පාසල් දරුවන්ට නොමිලේ ලබා දුන්

[continue reading…]



යුරෝපයේ දෙමළ ජනයා ජනාධිපති මහින්දව නොබෙල් සාම ත්‍යාගයට යෝජනා කරයි

Mar 15th, 2013 | By
ft5

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය විසින් The Island පුවත්පතට ලියන ලද ‛Tears of the Tamils’ ලිපියෙහි පළමු කොටස සමබිම 29 වන කලාපයේ (2012 නොවැම්බර්) පළ කරන ලදී. ‛Tears of the Tamils’ ලිපියෙහි දෙවන කොටසද ‛Tamils of Italy nominated Mahinda Rajapaksa for Nobel Prize  II’ නමින් 2012 නොවැම්බර් 19 වනදා The Island  හි පළ විය. මේ එහි සිංහල පරිවර්තනයයි.

[continue reading…]



යූ.එන්.පීය එක්ක අපේ ගනුදෙනුව තියෙන්නේ ජාතිවාදී නොවන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින මහජන බලවේගයක් හැදීම තුළයි

Mar 11th, 2013 | By
sudharshana

නීතිඥ සුදර්ශන ගුණවර්ධන විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ක වැඩ කරන රයිට්ස් නව් සංවිධානය යූ.එන්.පී එකත් එක්ක සමීප සම්බන්ධයක් පවත්වනවා. රයිට්ස් නව් සහ යූ.එන්.පීය අතර තියෙන මේ ගනුදෙනුව මොකක්ද? රයිට්ස් නව් සංවිධානය හැදෙන්නේ 2007 දී. ඒ වෙලාවෙ එක්සත් ජනතා නිදහස් සංධානය කියන බලවේගය යුද්ධය කරගෙන ගිය වෙලාවක්. ඒ වෙලාවෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම්, මානව හිමිකම් කඩවීම් විශාල

[continue reading…]



උතුරු නැගෙනහිර දේශපාලනයේ ගැලවුම්කාර දෘෂ්ටිය ජාත්‍යන්තර ප්‍රජාව?

Mar 5th, 2013 | By
r5

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනය තම දේශපාලන අභිලාෂයන් ඉටු කරවා ගැනීම පිළිබඳව වර්තමානයෙහි තම දැඩි විශ්වාසය තබා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව මතය. වසරකට වරක් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සමුළු ද ඇතුළත්ව පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු වෙත ද නිතර නිතර සිදුවන විදෙස් නියෝජිතයන්ගේ උතුරු නැඟෙනහිර සංචාරයන් වෙත ද ජාත්‍යන්තර ප්‍රජාව ද කෙරෙහි වන මෙම බලාපොරොත්තුව ඇති කර

[continue reading…]



විපක්ෂය ගැන නරුමවාදී පැමිණිලි කරන්නේ කවුද?

Mar 4th, 2013 | By
seud

දීප්ති කුමාර ගුණරත්න- වසර 17ක දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට එවකට පැවති විපක්ෂ බලවේග කණ්ඩායම් පෙරට ගෙන ආ මූලික සටන් පාඨය මෙලෙස සංක්ෂිප්ත කළ හැකියි: ‛මානුෂික මුහුණුවරක් සහිත ධනවාදය.’ නවසිය අනූතුනේදී වමටත් ඇතුළුව සියලු දෙනාටම අවශ්‍ය වුණේ ධනවාදයේ නරක අංග හළා සාධනීය අංග ඉතුරු කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදයක්. ධනවාදයට මානුෂික මුහුණ සවිකරන්නට ගිය දේශපාලන

[continue reading…]



දෙමළ ජනතාවගේ විමුක්තිය තිබෙන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අයිතිවාසිකම් සඳහා වන අරගලය තුළයි – ඇලන් කීනන්

Feb 28th, 2013 | By
aa

කැනේඩියානු දෙමළ කොන්ග්‍රසය විසින් පැවැත්වූ තෛපොංගල් දින රාත්‍රී සාදයේ ප්‍රධාන දේශනය පවත්වමින් International Crisis Group සංවිධානයේ ඇලන් කීනන් විසින් කළ කතාවේ සිංහල පරිවර්තනයේ පළමු කොටස මා වරින් වර ශ්‍රී ලංකාවේ ජීවත් වූ පුද්ගලයෙක්. ඇතැම් විට මා එහි සැලකිය යුතු තරම් දිගු කාල පරිච්ඡේද ගත කර තිබෙනවා. ඒ වගේම පසුගිය දශකය හෝ ඊට වැඩි කාලය තුළ මා

[continue reading…]



සුද්දො අපට කළින් නිවන් දකියිද?

Feb 26th, 2013 | By
de

[හර්ෂ ගුණසේන] නුතන පාලන ක්‍රම ප්‍රජාතන්ත්‍රවාදී වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් හෝ ජනතාව විසින් පත්කරනු ලබන නියෝජිතයන් මගින් හෝ කරනු ලබන පාලනයයි. නුතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය වී ඇත්තේ පුද්ගල ස්වාධිපත්‍යය (ලිබර්ටි – Liberty), සමානතාව (ඊක්වැලිටි – Equality) සහ සාධාරණත්වය (ජස්ටිස් – Justice) පදනම් කරගෙනය. මේවා පුද්ගලවාදී බටහිර සංස්කෘතිය තුළ විශේෂයෙන්ම ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය සංස්කෘතීන් තුළ ඇති

[continue reading…]



පළාත් සභා වෙනුවෙන් පෙනී සිට ගෙදර යෑමට සිදුවීම හෙවත් ඇත්ත කියා දං ගෙඩියට යාම

Feb 26th, 2013 | By
priya

දෝෂාභියෝග කලබලය දැන් අවසන් වී ඇත. නමුත් එයින් ඇතිවූ ආදීනව සහ ඵලවිපාකවල ස්වභාවය අපට දකින්නට හැකි වන්නේ ඉදිරියේදීය. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඒ සම්බන්ධව අනාවැකි කීමක් නොවේ. මේ සම්බන්ධයෙන් පසුගිය සමබිමේ පළවූ ලිපි දැනටමත් කියවා සිටින පාඨකයා නැවතත් ඒ මාතෘකාව සම්බන්ධයෙන් කියවීමට කැමැත්තේ යැයි මම නොසිතමි. අගවිනිසුරුතුමියට එරෙහිව එල්ල වූ චෝදනා අතර ප්‍රධානම චෝදනා වූයේ

[continue reading…]