Posts Tagged ‘ සමබිම 33 වන පුවත්පත ’

දැන් තියෙන්නේ ග්‍රවුන්ඩ් සීරෝ තත්ත්වයක් – සුදර්ශන ගුණවර්ධන

Apr 23rd, 2013 | By
wtc

‛විපක්‍ෂයේ විරෝධය’ට එක්ව සිටින විවිධ දේශපාලන පක්ෂ ගණනාවක් අතරේ අපි සිවිල් සංවිධානයක් මේ එකඟතාවට අත්සන් කළේ ඇයි? සාමාන්‍ය තත්ත්වයන් යටතේදී දේශපාලන පක්ෂවල කාර්යභාරය එකක්, සිවිල් සංවිධානවල කාර්යභාරය ඊට වෙනස්. සාමාන්‍ය තත්ත්වයක් යටතේදී ඡන්දයක් තිබ්බට පස්සේ දේශපාලන පක්ෂ ඡන්දය ඉල්ලලා ආණ්ඩු මාරු කරනවා. නමුත් අපි ඉන්නේ සාමාන්‍ය තත්ත්වයක නෙවෙයි. 2001 සැප්තැම්බර් 11 වනදා ඔසාමා බින් ලාඩන්

[continue reading…]



වීදුරු බිඳුණු රාත්‍රිය

Apr 10th, 2013 | By
ht

පැරීසියේ ජර්මන් තානාපති කාර්යාලයේ රාජකාරි කළ අර්නස්ට් වොන් රාත්ගේ ජීවිතයට 1938 නොවැම්බර් 8 වනදා මාරාන්තික දිනයක් විය. හර්ෂල් ග්‍රීන්ස්පන් නැමැති යුදෙව් තරුණයෙකු විසින් පිට පිට තැබූ වෙඩි දෙකක් වොන් රාත්ගේ දිවියට අවසානය ගෙන ඒමට සමත් විය. යුදෙව්වෙකු විසින් සිය තානාපති නිලධාරියෙකු ඝාතනය කර ඇතැයි සැල වූ කල්හි නාසි ජර්මන් රජයේ ප්‍රචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝශප්

[continue reading…]



මළවුන් සාක්ෂියට කැදවීම

Apr 8th, 2013 | By
sw

[සාමිනාදන් විමල් ] යුද්ධ අපරාධ පිළිබඳ කාරණාව යළිත් කරලියට පැමිණ ඇත. යුද්ධ ජයග්‍රහණයට පසුව පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් පිළිබඳ සමුළුව වනාහි ලංකාවට අනුව වාර්ෂික සොහොන්කොත් සෑරීමෙහි චාරිත්‍රය පැවැත්වෙන කාලය බවට පත්ව ඇත. මේ වනවිට දෙමළ මාධ්‍යවල ප්‍රමුඛත්වය බාලචන්දිරන් නම් දරුවා මරා දැමීමට සුළු මොහොතකට පෙර සහ මරා දැමූ පසු ඡායාරූපවලට ලැබී ඇත. යුද්ධ අපරාධ පිළිබඳ

[continue reading…]



මනුෂ්‍යත්වයේ තුන්වැනි යාමය

Apr 7th, 2013 | By
xero

[දීප්ති කුමාර ගුණරත්න]  කැත්රින් බිගලෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද “Zero Dark Thirty” චිත්‍රපටියට පසුබිම් වන්නේ නඩුවක් නොඅසා ඇමරිකන් රාජ්‍යයේ ඒජන්තයන් විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන ත්‍රාසජනක ආකාරයයි. මෙම ඝාතනය සැබැවින්ම සිදු වූ අවස්ථාවේ නීති මහාචාර්යවරයෙකු වූ බරාක් ඔබාමා සහ සිවිල් නීතිවේදිනියක වූ හිලරි ක්ලින්ටන් ද එය නරඹමින් සිටියෝය. ජර්මානු නවකතාකරුවෙකු වන ‛එලායස් කානෙත්ති’ විසින්

[continue reading…]



නරක ක්‍රමවලින් හොඳ ලෝකයක් තැනීම හරිද?

Apr 7th, 2013 | By
bahu

මං හිතනවා අපි වගේ රටක විශේෂයෙන්ම මානව හිමිකම්, වධහිංසා කියන කාරණා ගැන බලන්න වෙන්නේ දෘෂ්ටිමය වශයෙන් යම්කිසි ඉලක්කයක් සඳහා ගමන් කරන බලවේගවල කතාන්තරයත් එක්ක සමගාමීවයි කියලා. දෘෂ්ටිමය අරගලයකදී යමෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන්ද? මේකයි අපිට තියෙන ප්‍රශ්නේ. මං හිතන්නේ මේක ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයටම ට්‍රොට්ස්කිටත් මුහුණ දෙන්න වුණා. ඒකෙන් ‛උන්ගේ සදාචාරය සහ අපේ සදාචාරය’ කියලා

[continue reading…]



හලාල් විරෝධී යුද්ධය භයානක ආර්ථික ඝාතකයෙකි

Apr 3rd, 2013 | By
HA

ආර්ථික ඝාතකයා පසුගිය කාලය පුරා අපට අහන්නට ලැබුණු ආර්ථික ඝාතකයා යනු කවුදැයි හඳුනාගමු. ආර්ථික ඝාතකයෝ බියකරු වෙනවා පමණක් නොව, ආදරයට ද පාත්‍ර වෙති. ඔවුන් පහර දුන්නේ කොහේ සැඟවී සිට දැයි ඔබට දැනගැනීමට ඉඩක් නොතබා ප්‍රහාරය එල්ල කෙරෙන නිසා, ඔවුන් බියකරුය. අනෙක් අතට ඔවුන් ඔබව උද්දීපනය කරන තරම කෙතෙක්ද යත්, විඩාවකින් තොරව දවස් ගණන් ඔවුන් ගැන

[continue reading…]



ශීලයෙන් පිරුණ බුදුදහම චණ්ඩිකමෙන් ආරක්ෂා කිරීමට යාම

Apr 2nd, 2013 | By
dr5

මා යම්කිසි ආගමකට අයත් වේ නම් සහ එම ආගම විසින් මා කන බොන සහ අඳින පළඳින ආකාරය නිශ්චය කරන්නේ නම් මම එම ආගමෙන් ඉවත් වෙමි. ඒ එවන් වූ අධිකාරියක් මා නොඉවසන බැවිනි. එනමුත් වෙනයම් අයෙකුට එම ආගම ඇදහීමේ සහ ඒ අනුව කෑමේ බීමේ ඇඳීමේ පැළඳීමේ නිදහස තිබිය යුතුය. එසේම එම නිදහස අනෙකුත් පුරවැසියන්ගේ ඒ හා

[continue reading…]



ඇයි අවුල්ද?

Mar 31st, 2013 | By
453

අසංක පිරිමි ළමයෙක්. පුංචි කාලෙ ඉඳලම අසංක දකින්නේ අම්මගේ පාලනයට යට වෙලා තාත්තා විදින දුක. පුංචි කාලෙ ඉඳලම ඔහුට ඔහුගේ තාත්තා ගැන උපදින්නේ පුදුම දුකක් අනුකම්පාවක්. උදේ නැගිට්ට ගමන් ගින්දරත් එක්ක ඔට්ටු වෙවී අම්මටයි ළමයින්ටයි කෑම හදන තැනින් පටන් ගන්න තාත්තගේ දින චර්යාව තුළ ඒ අත් දෙකට නිදහසක් ලැබෙන්නේ හැමෝම නිදා ගත්තට පස්සේ පැදුරට වැටුනමයි.

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලැබී තිබෙන්නේ සුළු කොටසකට නම් ඒක වහල් සමාජයක් – විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ

Mar 30th, 2013 | By
ranil

ලංකාවේ ජනගහනයෙන් හරි අඩකටත් මඳක් වැඩියෙන් සිටින්නේ කාන්තාවන්ය. දේශීය ආර්ථිකයේ ගාමක බලය වන්නේද ඔවුන්මය. පිරිමින් සහ ගැහැනුන් ලෙස සැලකුවහොත් මෙරට බහුතරය වන්නේද කාන්තාවන්ය. සාමාන්‍යයෙන් බහුතර සිංහල ජාතිය අතින් සුළුතර ජාතීන් හිංසනයට පත්වන අප රටේ කාන්තාවන් සම්බන්ධ කාරණයේදී එකී තත්ත්වය උඩු යටිකුරු වී ඇත. මෙහි බහුතරය වන කාන්තාවන් නිරන්තර හිංසනයට ලක් වෙති. ඉකුත් මාර්තු 8දාට යෙදුණු

[continue reading…]



ඉවසන්න ලහිරු!

Mar 28th, 2013 | By
JOKE

අපි පොඩි කාලෙදී නම් ප්‍රසිද්ධ ස්ථානයක කරදරකාරී විදියට නැත්නම් කලබලකාරී විදියට හැසිරුණොතින් දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් බැණුම් අහන්න වෙනවා. ඒ වුණාට දැන් ලෝකෙ වෙනස් වෙලානේ. සමහර ගෙවල්වලට ගියාම අපට සිද්ධ වෙන්නේ ළමයින් කරන කියන සේරම දේවල් ඉවසගෙන ඉඳලා, ළමයින්ගේ හපන්කම් ගැන අම්මලා තාත්තලා කියන විස්තරවලට සවන් දීලා ආපසු එන්නයි. ළමයින්ට තරවටු කරන එක හරි දැනමුතුකමක් කියලා දෙන

[continue reading…]